ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට


(ලක්මි කුඩලිගම)

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.

නෙලුව දෙස පැලවත්ත දෙසට ගමන් ගත් තේ දළු ප්‍රවාහනය කළ  ලොරි රථයක් සහ පැලවත්ත දෙස සිට කලුබෝවිටියන දෙසට ගමන් ගත්  ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වන තෙක් අනාවරණය නොවන අතර,වැඩිදුර විමර්ශන තිනියාවල පොලිස් ස්ථානය විසින් සිදු කරන ලබයි.